Services

Pediatric Clinic ( ළමා රෝග සායනය)

ආයුර්වේද සෙත් අරණ - ළමා රෝග සායනය
විශ්වවිද්යාල මහාචාර්යවරුන් ,ආචාර්යවරුන් හා විශේෂඥ වෛද්යවරුන් ,උපදේශක වෛද්යවරුන් යටතේ ඒ ඒ රෝග සදහා නිපුණත්වයක් සහිත වෛද්ය කාර්යමණ්ඩලයකින් සමන්විත වන දිවයිනේ ඇති එකම ආයුර්වේද රෝහල මෙය වේ.
වසර දහයක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වාගෙන යනුලබන ළමා රෝග සායනය දෙස් විදෙස් රෝගී දරුවන් විශාල සංඛ්යාවකට සුවපත්භාවය ලබාදීමට සමත් වී ඇත.
ලංකාවෙ ප්රමුඛ පෙලේ ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්යවරියක විසින් මෙහෙයවනු ලබන මෙම සායනය අභ්යන්තර ආයුර්වේද ප්රතිකාර මෙන්ම බාහිර පංචකර්ම ප්රතිකාර වලින්ද සමන්විත වේ.
ප්රධාන වශයෙන් වැරදි ආහාර විහරණ හා චර්යාවන්, මානසික ආතතීන් නිසා මෑත කාලයේ දරුවන් අතර මනෝදෞර්බල්ය රෝග සීග්රයෙන් ප්රචලිතව පවතී, උදාහරණ ලෙස ජඩත්වය(Autism) චාංචලත්වය(Attention deficit Hyperactivity Disorder/ADHD) ,නින්දෙන් මුත්රා පහවීම හෙවත් ශයිය මුත්රා(Nocturinal Enuresis or bed wetting) ,ඉගෙනීමේ දුර්වලතා(learing disorders) අධ්යාපන ක්රමය නිසා වන මානසික ආතතිය (Academic stress)ප්රධාන තැනක් ගනී.
මෙම බොහෝමයක් රෝග ත්රිදෝෂ වල සමතුලිතතාවය වෙනස් වීම නිසා ඇති වන තත්ත්වයක් වේ. එමෙන්ම දිගුකාලීන බලපෑමක් ඇතිකරන රෝග තත්ත්වයක් වේ.
ආයුර්වේදයේ ඇති විශිෂ්ට ඖෂධ මගින් මෙම රෝග තත්ව බොහෝමයකට සාර්ථකව විසඳුම් ලබාගත හැක.
ආයුර්වේද සෙත් අරණ ළමා රෝග සායනය මගින් ඔබේ දරුවාගේ පහත රෝග සදහා සාර්ථක විසඳුම් ලබාදීමට අපි නිතැතින් කැපවී සිටිමු.
*ජඩත්වය-(Autism)
*චාංචලත්වය-(attention deficit hyperactivity disorder)
*ශයිය මුත්රා-(bed wetting)
*ඉගෙනීමේ දුර්වලතා -(learning disorders)
*ඉගෙනීමේ මානසික ආතතීන්-(Academic stress)
*මතකය අඩු වීම-(poor memary)
*සියළුම ශ්වසන පද්ධති රෝග -(All kinds of respiratory disorders)
*බාලක පක්ෂ්යාතය-(cerebral palsy)
*සියළුම චර්ම රෝග-(skin disorders)
*ආමවාත සන්ධි රෝග-(juvenile arthritis)
*කොදු ඇටපෙල ආශ්රිත රෝග-(scollosis & other disorders related
to spine)
මෙම රෝග සදහා ප්රතිකාර කිරීමට අවශ්ය විශේෂ බාහිර ප්රතිකාර ඒකකයක් අපගේ සෙත් අරණ රෝහලේ පිහිටා ඇත .
ඔබගේ දරුවාත් මෙබඳු රෝගවලින් පීඩා විදී නම් අපගේ සායනයට යොමු වී සුවපත්භාවය ලබා ගන්න.
සායන පවත්වන වෙලාවන්
සෑම බ්රහස්පතින්දා දිනකම ප.ව. 4.30-6.00
සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 9.30-11.30
ආයුර්වේද සෙත් අරණ චැනල් සේවාව
නො. 43, රේමන්ඩ් පාර, නුගේගොඩ
011 5 288 055
076 67 399 77
සෙත් අරණ ආයුර්වේද රෝහල
නො. 10, ආතර් පෙදෙස,
නුගේගොඩ
0115 883255
0777 620 948
ආයුර්වේද සෙත් අරණ - රුහුණු ශාඛාව
නො. 109/1, තිස්ස පාර, රන්න
076 67 399 77
071 66 460 78
047 222 7373
Viber / WhatsApp number : 0777 620 948
;