Services

සන්ධි රෝග

සන්ධි රෝග කියන්නේ බොහෝ විට වයස්ගත වීමත් සමඟම ඇතිවන රෝගයක්. නමුත් නූතනව එය තරුණ අවදියේදී මෙන්ම මැදි වයසේ පසුවන අය අතරත් බහුලව පවතී.
වැරදි ආහාර රටාවත්, අධිකව වෙහෙසීම, වැටීම් තැලීම් ආදිය නිසාත්, ජානමය හේතු නිසාත් මෙම සන්ධි ආශ්රිත රෝග තත්වයන් බහුලව ඇතිවේ. බොහෝ විට සන්ධි ආශ්රිත රෝග තත්ත්ව වලදී සන්ධි ආශ්රිතව ඇතිවන නැමීමේ හා දිග හැරීමේ අපහසුතාව, වේදනාව, තද ගතිය, රතු පැහැය, සහ ඉදිමීම ප්රධාන වේ.
එවැනි සන්ධිගත රෝග කිහිපයක්
*ආතරයිටිස් (Athraitis)
*සන්ධිගත වාත (Osteoarthritis)
*ආමවාත (Rheumatoid arthritis)
*Sciatica
*අවබාහුක (Frozen shoulder)
*මන්යා ස්තම්භ (Curvical spondylosis)
*වාත කණ්ඨක (Spur of the heel)
*CTS - Carpel Tunnel Syndrome
සමහර විට මෙය කියවන ඔබත් විවිධාකාරයේ සන්ධි රෝගයන්ගෙන් පීඩා විඳිනවා වෙන්න පුළුවන්. එසේත් නැති නම් ඔබේ මව හෝ පියා හෝ ලඟම නෑදෑයෙකු වෙන්න පුළුවන්.
වේදනා නාශක පෙති ගිල දැමීමකින් සහ අතුරු ආබාධ වලින් තොරව මෙන්ම වෙනත් ප්රතිකාර ක්රම නිසා ඇති වූ අතුරු ආබාධ සඳහා ද සාර්ථක ප්රතිකාර ආයුර්වේදයෙන් හිමි කරගත හැක.
එලෙසම දීර්ඝ කාලයක් එම තත්තවයන්ගෙන් පෙලුණු ඔබට ද ඔබගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි කරගනිමින් වේදනා කළමනාකරණය කර ගත හැක. (අප සතුව නේවාසික රෝහල් පහසුකම් ඇත)
මේ සඳහා ඔබට නිවැරදි මග පෙන්වන කොළඹ විශ්ව විද්යාලයේ ජ්යේෂඨ කථිකාචාර්යවරියක BAMS (Hons), M.Phil(Ayu), PhD, PGDip (AHM) මෙන්ම ආයුර්වේද විශේෂ වෛද්යවරියක වන ඇය මේ ක්ෂේත්රය පිළිබඳව හසල දැනුමක් ලැබූවෙක්. ඔබට ඇය හා සම්බන්ධ වීමට සෑම බදාදා දිනකම සහ ඉරිදා දිනකම නුගේගොඩ සෙත් අරණ ආයුර්වේද රෝහලේ දී හැකි අතර ම, රන්න ශාඛා ආයතනයේ දී සෑම සති දෙකකට වරක් සෙනසුරාදා දිනයන්හි දී ද හැක. වැඩි විස්තර සඳහා අමතන්න.
ස්ථානය - සෙත් අරණ ආයුර්වේද රෝහල, නුගේගොඩ
වේලාව - බදාදා ප.ව 4.30 - ප.ව 6.00 සහ ඉරිදා ප.ව 9.30- ප.ව
11.30
ස්ථානය - ආයුර්වේද සෙත් අරණ, රුහුණු ශාඛාව
වේලාව - සෙනසුරාදා ප.ව. 2.30 - 4.30 (සෑම සති දෙකකට වරක් )
වැඩි විස්තර සඳහා අමතන්න -
0766 73 99 77 / 071 664 6078 / 0472 22 73 73
ප්රධාන ශාඛාව - ආයුර්වේද සෙත් අරණ ,අංක 43 ,රේමන්ඩ් පාර ,
නුගේගොඩ
රුහුණු ශාඛාව - අංක 109 /1 ,තිස්ස පාර , රන්න
Viber / WhatsApp number : 0777 620 948
;