Services

Cerebral Palsy (බාලක පක්ෂාඝාත රෝගය)

වසර දහයකට අධ්ක කාලයක් මුළුල්ලේ රෝගීන් දස දහසකට අධික ප්රමාණයකට සහනය සලසමින් පවත්වාගෙන යනු ලබන සායන අතර ළමා රෝග සායනයට හිමිවන්නෙ සුවිශේෂී ස්ථානයකි.
බාලක පක්ෂාඝාත රෝගය ඇතැම් දරුවන් අතර පවතී . මෙම රෝගී තත්වය ඔබේ දරුවාට පවතීද යන්න තීරණය කිරීමට පහත කරුණු උපකාරි වේ.
01) දරුවාගේ මාංශපේශී වල තානය අඩු වීම.
(low muscle tone feels "floppy" when picked)
02) දරුවාගේ හිස කෙලින් තබාගැනීමේ අපහසුතාවය.
(poor head control)
03) දරුවා මාංශපේශී තද කර ගැනීම.
(Muscle spasms of feeling stiff)
04) වයසට සරිලන ක්රියාකාරකම් ප්රමාදය.
(delay developmental mile stones)
05) කිරි බීමේදී හෝ ආහාර ගැනීමේදී ඇති වන ගිලීමේ අපහසුතාවය.
(Feeding or swallowing difficulties)
06) ශරීරයේ එක් පැත්තක් පමනක් භාවිතා කර ක්රියා කිරීම.
(preference to use one side of their body)
මෙම බාලක පක්ෂාඝාත තත්වය (Cerebral Palsy) රෝග ලක්ෂණ කිහිපයක එකතුවක් නිසා රෝග විනිශ්චය ද අපහසු වන රෝග අවස්ථාවකි .බොහෝ විට දරුවාගේ සංවර්ධනය, සංවර්ධන ක්රියා ප්රමාදය , මාංශපේශී තානය අඩුවීම
හෝ තානය වැඩි වීම හා වෙනස් වු ශරීර ස්ථිතිය ( Posture) ආදී කරුණු මගින් රෝග විනිශ්චය කරනු ලැබේ.
බාලක පක්ෂාඝාත රෝගී තත්වය ඇතුලු ව ළමා රෝග රැසකට නිසැක සහනය ලබාදීමට අප සැමවිටම සූදානම්. විශ්වවිද්යාල කථිකාචාර්යවරියක මෙන්ම ආයුර්වේද විශේෂඥ වෛද්යවරියක් විසිනි මෙහෙයවන ලබන මෙම සායනයට සහභාගි වීමෙන් නිසැක සුවය ලබා ගන්න.
ළමා රෝග පිලිබඳ සායනය පැවැත්වෙන දින,
* බ්රහස්පතින්දා සවස 4.30-6.00
*සෙනසුරාදා උදෑසන 9.30-12.30
ප්රධාන ශාඛාව :- ආයුර්වේද සෙත්අරණ, අංක 43 , රේමන්ඩ්පාර, නුගේගොඩ
ඇමතුම් - 0777 620 948 / 0115 289 248
ශාඛා කාර්යාලය - අංක109 /1 ,තිස්ස පාර, රන්න.
ඇමතුම් - 047 222 7373 / 071 664 6078
Viber/ whatsapp number - 0777 620 948
;